බංග්ලාදේශයේ හිටපු අගමැතිනි හසීනාගේ පක්ෂය තහනම් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ අන්තර්කාලීන රජය විසින් හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ පක්ෂය වන අවාමි ලීගයේ සියලුම ක්‍රියාකාරකම් තහනම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන කැබිනට් මණ්ඩලය, ත්‍රස්ත විරෝධී පනත යටතේ අවාමි ලීගය තහනම් කිරීමට තීරණය කළ බව බංග්ලාදේශයේ නීති කටයුතු උපදේශක අසිෆ් නස්රුල්ලා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ (ICT) විරෝධතාකරුවන් සිය ගණනක් මිය යාම සම්බන්ධයෙන් පක්ෂය සහ එහි නායකත්වයට එරෙහි ඇති නඩු විභාගයන් අවසන් වනතුරු පක්ෂ තහනම ක්‍රියාත්මක වනු ඇත. මේ සමබන්ධයෙන් 1949 දී ආරම්භ කරන ලද අවාමි ලීගය, මෙම තීරණය නීත්‍යානුකූල නොවන බව ප්‍රතික්ෂේප කරමින්, එහි නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණේ, “නීති විරෝධී රජයේ සියලුම තීරණ නීති විරෝධී ය.” යනුවෙනි.

පසුගිය වසරේ ජූලි මාසයේදී සිසුන් විසින් මෙහෙයවන ලද විරෝධතා සමඟ ආරම්භ වූ මහජන නැගිටීම වසර 15 ක් තිස්සේ බංග්ලාදේශය යකඩ හස්තයකින් පාලනය කළ හසීනා බලයෙන් පහ කිරීමට හේතු විය. හසීනා පසුගිය වසරේ අගෝස්තු 5 වන දින සිට ඉන්දියාවේ පිටුවහල්ව ජීවත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්