හසීනාට වැරදුණු තැන – අවාමී ලීගයේ ලියාපදිංචිය අත්හිටුවයි.ජන්දත් තහනම්!

Date:

කොළඹ LNW:බංග්ලාදේශයේ අගමැතිවරියව සිටි ෂීක් හසීනාගේ අවාමි ලීගය පක්ෂයේ ලියාපදිංචිය බංග්ලාදේශ මැතිවරණ කොමිසම මගින් අත්හිටුවා තිබේ.

ඒ අනුව ඉදිරි මැතිවරණ සදහා තරඟ වැදීම එම පක්ෂයට තහනම් වී ඇත.

ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව සිය කටයුතු අවසන් කරන තෙක් පක්ෂය සහ එහි අනුබද්ධිත ආයතනවලට ප්‍රකාශන,මාධ්‍ය සංදර්ශන,මාර්ගගත සහ සමාජ මාධ්‍ය ව්‍යාපාර,පෙළපාළි,රැලි හෝ සම්මන්ත්‍රණ ඇතුළු දේශපාලන ක්‍රියාකාරකම් පැවැත්වීම තහනම් කරමිනුයි මැතිවරණ කොමිසම සිය නියෝගයක් නිකුත් කර ඇත්තේ.

ත්‍රස්ත විරෝධී පනත යටතේ මෙම තහනම පනවා ඇති බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ.

බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියව සිටි ෂීක් හසීනාට එරෙහි ජනතා විරෝධතා උත්සන්න වීම මත 2024 අගෝස්තුවේදී ඇය ඉන්දියාවට පලා ගිය අතර නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් පිහිටුවන ලද අන්තර්වාර රජය හසීනා නායකත්වය දුන් අවාමි ලීගයේ සියළු කටයුතු තහනම් කිරීමට පියවර ගත්තේය.

හසීනාගේ පාලනයට එරෙහිව පැන නැගුණු මහජන විරෝධතා මධ්‍යයේ නිරායුධ සිවිල් වැසියන් සිය ගණනක් ඝාතනය කිරීමට අවාමි ලීගය පක්ෂයේ ඉහළ නායකත්වය අණ දී තිබුණු අතර පක්ෂය තහනම් කිරීමට එය හේතුවක් වී තිබුණි.

හසීනා බලයෙන් පහ කළ පසුගිය වසරේ නැගිටීමෙන් මතු වූ,අලුතින් පිහිටුවන ලද ශිෂ්‍ය නායකත්වයෙන් යුත් ජාතික පුරවැසි පක්ෂය අවධාරණය කරන්නේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් පසුව මැතිවරණයක් පැවැත්වීම යෝග්‍ය බවයි.

රාජ්‍ය අංශයේ රැකියා කෝටාවන් කප්පාදු කිරීම ඇතුළු රජයේ ජනතා මර්දනීය ප්‍රතිසංස්කරණවලට එරෙහි ශිෂ්‍ය විරෝධතා සමඟ 2024 ජූලි මාසයේ නොසන්සුන්තාව ආරම්භ විය. එය 1971 දී බංග්ලාදේශයේ නිදහසින් පසු දේශපාලන ප්‍රචණ්ඩත්වයේ මාරාන්තික කාල පරිච්ඡේදයක් බවට පරිවර්තනය වූ බවයි විශ්ලේෂකයින් පෙන්වා දී තිබුණේ.

1949 දී ආරම්භ කරන ලද සහ 1971 බංග්ලාදේශයේ විමුක්ති සටනට නායකත්වය දීම සම්බන්ධයෙන් ගෞරවයට පාත්‍ර වූ අවාමි ලීගය, හසීනාගේ නායකත්වය යටතේ ඒකාධිපතිවාදය, දූෂණය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට නතු වූ බවට පසුගිය සමයේදී විවේචනයට ලක්විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයෙන් මන්ත්‍රීලා ගන්නේ අත උස්සන්න විතරයි. තීන්දු ගන්න බලයක් දෙන්නෑ. 69 ලක්ෂය වගේ තමා – ඇමති ප්‍රසන්න

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සම්බන්ධ...

විදේශ සංචාර චෝදනා ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

2023 සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කළ...

උතුරේ ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

උතුරු පළාතේ පිහිටි, හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...