නීතිපතිවරයාගේ ඉල්ලීම මත කෙහෙළියගේ නඩුවට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක්!

Date:

රෂිකා හෙන්නායක මැයි 14, කොළඹ LNW :

පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් නමැති ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කිරීමට නියමිත නඩුකරය, විභාග කිරීම සඳහා අගවිනිසුරුවරිය විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙන බව පැවසේ.

විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විසින් එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත්කර ඇත්තේ නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. ඒ අනුව අදාළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහා මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන මහාධිකරණ විනිසුරුවරු නම් කර තිබෙන බව වාර්තා වේ.

නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත යොමු කර තිබූ ඉල්ලීමෙහි සඳහන් කර තිබුණේ එම නඩුකරයට පාදක වන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය තුළින් මෙරටට විශාල ආර්ථික පාඩුවක් සිදුව ඇති බවයි. ඒ අනුව එම නඩුව මහජන වැදගත්කමක් සහිත නඩුවක් සේ සලකා විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙසත් නීතිපතිවරයා සිය ලිඛිත ඉල්ලීම තුළින් අග විනිසුරුවරියගෙන් ඉල්ලා තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

   

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...