රෂිකා හෙන්නායක මැයි 17, කොළඹ LNW :
මෙරට ක්‍රියාත්මක ශ්‍රී ලංකා තත්ත්ව සහ ඵලදායිතා අභිවර්ධනය කිරීමේ සංගමය (SLAAQP) විසින් සංවිධානය කරන ජාතික තත්ත්ව සහ ඵලදායිතා සමුළුව (NCQP) 2025 පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුව 2025 මැයි මස 16 කොළඹ BMICH හි දී පැවැත්විණි.
මැයි මස 21 සහ 22 යන දිනවල කොළඹ මවුන්ට් ලැවීනියා හෝටලයේ පැවැත්වෙන මෙම සමුළුව සඳහා 70 කට වැඩි ආයතන ගණනකින් කණ්ඩායම් 440 ක් පමණ නියෝජනය කිරීමට නියමිතය.
මේ සෑම කණ්ඩායමක්ම ගුණාත්මකභාවය සහ ඵලදායිතාවය වැඩි දියුණු කිරීම සඳහා අනුගමනය කළ නව්‍ය ප්‍රවේශයන් සහ ජයග්‍රහණ, පුහුණු විනිසුරුවන් ඉදිරියේ ප්‍රදර්ශනය කරනු ලැබේ. මෙය මෙරට නිෂ්පාදන සහ සේවා වල ගුණාත්මකභාවය හා ඵලදායිතාවය අභිවර්ධනය කිරීම සඳහා කටයුතු කරන වෘත්තිකයන්ගේ විශාලතම සමුළුව වනු ඇත.
ශ්‍රී ලංකා තත්ත්ව කව සංගමයේ අනුප්‍රාප්තිකයා ලෙස 1996 දී පිහිටුවන ලද SLAAQP සංගමය මෙරට තත්ත්ව සහ ඵලදායිතාව පිළිබඳ ජාතියේ ප්‍රමිතීන් ඉදිරියට ගෙන යාමේ ප්‍රමුඛතම ආයතනයයි. “NCQP යනු සාමූහික දක්ෂතාවය සහ නොපසුබට උත්සාහය අගය කිරීමේ තෝතැන්නක් පමණක් නොව සාර්ථකත්වයට පත්වීම පිළිබඳව හා අභියෝග ජයගත් ආකාරය පිළිබඳව සැලකිළිමත්වන, නවෝත්පාදන බෙදාගැනීම සඳහා අවස්ථාව ලබා දෙන එකම ජාතික වේදිකාවයි” SLAAQP හි සභාපතිනිය ආචාර්ය සුරනි ඩයස් මහත්මිය විශේෂයෙන්ම මේ බව සඳහන් කළාය.
මෙවර සමුළුවේ තේමාව “සීමාවෙන් ඔබ්බට: වෙළඳපල තරගකාරිත්වය සඳහා වූ ගුණාත්මකභාවය, ඵලදායිතාව සහ නවෝත්පාදනය” යන්නයි. මෙහිදී ප්‍රධාන වශයෙන් තත්ත්ව පාලන කව (QCCs), තත්ත්ව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති (QIPs), Lean Six Sigma (LSS), අන්තර් ක්‍රියාකාරී කණ්ඩායම් (CFTs) සහ Kaizen වැඩිදියුණු කිරීම් යනකාණ්ඩ 5 යටතේ කණ්ඩායම් ඉදිරිපත් කිරීම් පවත්වන අතර ඔවුන්ගේ විශිෂ්ටතා ඇගයීමකට ලක් කරනු ලැබේ.
“SLAAQP හි අපගේ මෙහෙවර සැමවිටම මෙහෙයවනු ලබන්නේ අඛණ්ඩ වැඩිදියුණු කිරීම යනු විකල්පයක් නොව අවශ්‍යතාවයක් යන හැඟීමෙනි. නවෝත්පාදන හා විශිෂ්ටත්වයේ සංස්කෘතියක් පෝෂණය කිරීමෙන්, තරගකාරී ගෝලීය භූ දර්ශනයක් තුළ දියුණු වීමට අවශ්‍ය මෙවලම් වලින් අපි ශ්‍රී ලාංකික සංවිධාන සන්නද්ධ කිරීම අපගේ උත්සහයි.” ආචාර්ය ඩයස් මහත්මිය අවධාරණය කළාය.

NCQP 2025 වැඩසටහනෙහි කැපී පෙනෙන අංගයක් වන්නේ “සුනිල් ජී. විජේසිංහ තත්ත්ව පාලන කව විශිෂ්ටතා සම්මානය” හඳුන්වාදීමයි. SLAAQP හි ආරම්භක සභාපති සහ ශ්‍රී ලංකාවේ ඵලදායිතා ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වන ඔහුගේ මෙහෙවර ඇගයීම උදෙසා නම් කරන ලද මෙම සම්මානය, තාක්ෂණික විශිෂ්ටත්වය, නවෝත්පාදනය, තිරසාරභාවය සහ ඵලදායිතා ප්‍රවේශයන් සඳහා වන ඉහළම පිළිගැනීම පිළිබිඹු කරයි.

NCQP 2025 හි සභාපතිනිය පියුමි පෙරේරා මහත්මිය මෙම සුවිශිෂ්ට ප්‍රදානය පිළිබඳ සිය සතුට පළ කළාය: “මෙම සම්මානය ගුණාත්මකභාවය සහ ඵලදායිතා ප්‍රවේශයන්හී පරිවර්තනීය බලය විදහා දක්වන කණ්ඩායම් සඳහා තෝතැන්නකි. එමඟින් ශ්‍රී ලාංකික සංවිධානවලට දේශීයව පමණක් නොව ජාත්‍යන්තර වේදිකාවේද විශිෂ්ටත්වය දැක්වීමට ඇති හැකියාව තහවුරු කරයි.
මෙම වසරේ ජයග්‍රාහී කණ්ඩායම් සඳහා ඉදිරියේදී 2025 වර්ෂය සඳහා වන තායිවානයේ තායිපේහී පැවැත්වීමට නියමිත ආසියානු රටවල් 14 ක් සහභාගි වන ජාත්‍යන්තර තත්ත්ව පාලන කව පිළිබඳ සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ද හිමිවනු ඇත.
NCQP සමුළුව ට අමතරව, SLAAQP එහි අරමුණු ශක්තිමත් කිරීම සඳහා උපායමාර්ගික මුලපිරීම් කිහිපයක් හඳුන්වාදී තිබේ. මේ සඳහා සමස්ත තත්ත්ව කළමනාකරණ (TQM) විශිෂ්ටතා සම්මානය, හරිත ඵලදායිතා සම්මාන (Green Productivity Award) සහ 2025 ජූලි 30 දා පැවැත්වීමට නියමිත දෙවැනි වාර්ෂික පර්යේෂණ සමුළුව ද අයත්වේ.
මෙම පර්යේෂණ සමුළුව දැනුම බෙදාගැනීම සහ නව අත්දැකීම් බෙදාගැනීම සඳහා වේදිකාවක් සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ව්‍යාපාරික ප්‍රජාව සමඟ ඇති සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සඳහා, SLAAQP පර්යේෂණ සමුළුවට සමගාමීව ව්‍යාපාරික සංසදයක් පැවැත්වීමට නියමිතය. මෙම සංසදය කර්මාන්තයන්හි තීරණාත්මක ගැටලු පිළිබඳව සාකච්ඡා කරනු ලබන අතර, ඒ සඳහා සහභාගිවන්නන්ට ප්‍රායෝගික අවබෝධයක් හා මූලික ගැටලු සඳහා විසඳුම් ලබාදීමට ද අපේක්ෂා කරයි.

