BREAKING NEWS : තුසිත හල්ලොලුවට සහ ඔහුගේ නීතීඥවරයාට වෙඩි !

Date:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ තුසිත හල්ලොලුව මහතාට සහ ඔහුගේ නීතීඥවරයා වන දිනේෂ් දොඩංගොඩ මහතාට මීට මඳ වේලාවකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනා ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතාගේ නිල මැදිරියේ සිට ආපසු එමින් සිටියදී නාරාහේන්පිට දාබරේ මාවතේදී ඔවුන්ගේ වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව සඳහන්. කෙසේවෙතත් ඔවුන්ට වෙඩිතැබූ ගිනිඅවිය හිරවී ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා වාහනයේ දොරවල් ඇරගෙන පිටතට පැන දිවගොස් ඇති බවත් වෙඩික්කරුවන් එම වාහනයේ තිබුණු ලිපිගොනු වගයක් පැහැරගෙන පළාගොස් ඇති බවත් සඳහන්.

තුසිත හල්ලොලුව සහ දිනේෂ් දොඩංගොඩ යන දෙදෙනාම ලංකා නිව්ස් වෙබ් සමග දුරකථනයෙන් සම්බන්ධ වූ අතර ඔවුන් දෙදෙනාම මේ වනවිට නිරුපද්‍රිතව සිටිති.

තුසිත හල්ලොලුව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සමයේ සිට අමාත්‍යවරුන් රැසකගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ අයෙකු වන අතර මංගල සමරවීර මහතා මුදල් අමාත්‍ය ධුරයේ සිටියදී ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙනුත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ඔහුගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් කටයුතු කළ අයෙකි.

ඔහු මෑතකදී මාධ්‍ය තුළ අවධානයට ලක්වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආයෝජනයක් සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...