වාහන වෙන්දේසිය : ජනාධිපති මාධ්‍ය අංශයෙන් CIDයට පැමිණිල්ලක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය මැයි 15 වනදා ජනාධිපති කාර්යාලය විසින් පවත්වන ලද වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේ දෙවැනි අදියර පිළිබඳව විවිධ අසත්‍ය ප්‍රචාර ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ සහ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පළකෙරෙමින් තිබීම නිරීක්ෂණය වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පසුගිය පාලනයන් තුළ මහජන මුදලින් මිලට ගන්නා ලද මෙම සුඛෝපභෝගී වාහන මහජන මුදලින් නඩත්තු කරමින් ඒවා පාවිච්චි කරමින් අබලන් තත්වයට පත්කළ දූෂිත කණ්ඩායම් සිය වරප්‍රසාද අහිමි වීමෙන් වියරු වැටී ඇති බවත් ඔවුහු තමන්ගේ නාලිකා සහ සමාජ මාධ්‍ය කුලී ලියන්නන් යොදා ගනිමින් අතට හසුවන ඕනෑම දෙයකින් ආණ්ඩුවට පහර දෙන තත්වයට වැටී ඇති බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ඒ අනුව, මෙම අසත්‍ය පුවත් ප්‍රචාරණය සහ සාවද්‍ය සමාජ මාධ්‍ය භාවිතය අතිශය පිළිකුල් සහගත වන අතර මෙසේ ද්වේශ සහගත ප්‍රචාරයන් කරමින් ජනතාව නොමග යැවීමට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ...

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර!

කොළඹ LNW:කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල...

*අත නොපාන මලල ක්‍රීඩාවක් අනාගතයට අවශ්‍යය කර තිබේ.

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: දේශපාලනය වගෙම තමයි ක්‍රීඩාවෙ...

දරුවන්ගේ නිහඬ මාරයා : screen time හෘදයාබාධ හා පරිවෘත්තීය අවදානමට අත වනයි

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : ළමුන් සහ නව...