ලාංකේය වළලු දැමු අත්වලට අසුබ දවසක්

නිශ්මං රණසිංහ මැයි 19, කොළඹ LNW:

ආසියානු අවුරුදු 22 න් පහළ සහ ආසියානු යොවුන් බොක්සිං තරගාවලිය ක්‍රියාත්මක වන කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී මැයි 18 වන දා පැවති තරගවලදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ලබා ගැනීමට නොහැකි වුණා.එම දිනය පුරා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු තරග බිමට පිවිසියත් ඒ කිසිවෙකුට සහභාගි වූ තරගවලදී ජයග්‍රහණ හිමි වුණේ නැහැ.


කිලෝ ග්‍රෑම් 48 බර පංතියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා නෙත්මි පෙරේරා තරග වැදි තරගයේ දෙවන වටයේදී, විනිසුරු විසින් තරගය නවතා ඇයගේ ප්‍රතිවාදි ක්‍රීඩිකාව වූ ඉන්දියාවේ සිවාච් මහීට ජයග්‍රහණය පිරිනමනු ලැබුවා.කිලෝ ග්‍රෑම් 50 බර පංතියෙන් තරග වැදුණු සචිනි ප්‍රනාන්දු 5-0 ක් වූ තිරණයකින් වියට්නාමයේ එන්ගුයෙන් ති එන්ගොක් ට්‍රාන් වෙතින් පරාජය ලැබුවා.


කිලෝ ග්‍රෑම් 52 බර පංතියෙන් තරග වැදුණු යශිනි ප්‍රනාන්දු පරාජයට පත් වුණේ 5- 0 ක තීරණයක් අනුවයි.යශිනිට එරෙහිව කසකස්තානයේ මයිර්ෂකූල් ටොමිරිස් ජය ගනු ලැබුවා.කිලෝ ග්‍රෑම් 54 බර පංතියේදී වියට්නාමයේ න්ගෝ තී මායි චුක්ට තරගයේ පළමු වටයේදීම ජයග්‍රහණ හිමි වුණා.එහිදී පරාජයට පත් වුණේ සංදීපනී කාරියවසම් ය.


ඡායාරූපයේ දැක්වෙන්නේ සංදීපනි කාරියවසම් සහ වියට්නාම ක්‍රීඩිකාව අතර පැවති තරගයේ අවස්ථාවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...