පාසැල් දැරිය අපයෝජනයට ලක්වීමේ සිද්ධියට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස පොලිසියට නියෝගයක්!

0
466

රෂිකා හෙන්නායක මැයි 19, කොළඹ LNW :

පසුගිය දා සියදිවි නසාගත් කොටහේන ප්‍රදේශයේ පාසල් දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව පාසලේ සැකකාර ගුරුවරයා සම්බන්ධ  විමර්ශන වල ප්‍රගතිය  ජුනි මස 23 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද පොලිසියට නියම කළ බව වාර්තා වේ.

අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කළ බව පැවසේ.