නේවාසිකව ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ සුවදුක් බලන්න ජනපති මිහිඳු සෙත් මැදුරට!

Date:

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසා බලා තිබේ.

එහිදී සෙබළුන් සමඟ සුහද පිළිසදරක නිරත වී ඇති ජනාධිපතිවරයා ඔවුන්ගේ නිර්මාණ ද දැක බලා ගෙන ඇත.

තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් විශාල පිරිසකට ජීවිත මෙන්ම අත්පා හා ශරීර කොටස් අහිමි වී සදහටම ආබාධිත තත්ත්වයට පත් වීමට සිදු වී අතර යළිත් කිසිදු දිනෙක එවන් තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදෙන බවයි එහිදී පිරිස අමතා ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

ආබාධිත තත්ත්වයට පත් සෙබළුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩව කැපවෙන බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ.

මිහිඳු සෙත් මැදුර – සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමඟද අදහස් හුවමාරු කර ගනිමින් එහිදී සෙබළුන් වෙනුවෙන් තවදුරටත් ලබා දිය හැකි වෛද්‍ය හා සේවා පහසුකම් සැපයීම පිළිබඳව විශේෂ අවධානය යොමුකර ඇත.

ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ, මිහිදු සෙත් මැදුරේ සේනා විධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ජී. එස්. ඩී. එස් රාජකරුණා, යුද හමුදා රණ සේවා හා පුනරුතථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ඒ. එස් විජේදාස ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක්ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා...

දිට්වා ආපදාවෙන් උන්හිටි තැන් අහිමි වූ කඳුකර ජනතාව ඉන්න තැනක් ඉල්ලා කොළඹට එයි! (PHOTOS)

කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය...

රනිල්ගේ ලන්ඩන් නඩුව: අධිකරණයේ සිදුවූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන...

සති 11 ගෙවෙද්දි සීආර් ඉදිරියෙන් වුණාට කිරුළේ හිමිකාරිත්වය තවමත් විවෘතයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...