හිටපු ජනපති මහින්දගෙනුත් රණවිරු සැමරුමක්!

Date:

කොළඹ LNW: පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) රණවිරු ස්මාරකය අසලදී සැමරුමක් සිදුකරන ලදී.

තිස් වසරක යුද්ධයෙන් මියගිය රණවිරුවන් සිහිකිරීමින් සහ යුද ජයග්‍රහණයේ ගෞරවය පිරිනැමීමට එය සංවිධානය කර තිබුණු අතර ඊට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් එක් විය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බවයි.

යුද්ධය යනු ඛේදවාචකයක් වුවත් අපගේ හමුදා විසින් එය ජයග්‍රහණය කළ බවත් යුද්ධයේ දී එක පැත්තක් ජයග්‍රහණය කළ යුතු බවත් රාජපක්ෂ මහතා පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...