කොරියානු නායක කිම් ජොන් උන්ගේ ටොන් 5000ක බරැති සුවිශාල යුධ නෞකාව අනතුරට; ජාතිය අපකීර්තියට පත්කළ අයට දැඩි දඬුවම්

සටහන: සශිකලා මධුෂාණි
මැයි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(22)දිනයේදී උතුරු කොරියාවේ චොංජින්හි නැව් තටාකයේ දී දියත් කරන ලද කොරියානු නායක කිම් ජොන් උන්ගේ ටොන් 5000ක සුවිශාල යුධ නෞකාව දියත් කිරීමේදී අනතුරට ලක්වීම සම්බන්දයෙන් කිම් ජොන් උන් ඉවසිය නොහැකි සාපරාදී ක්‍රියාවක් බවට හෙලා දැක තිබේ.

මිසයිල 70ක් පමණ ගෙන යා හැකි බවට සැලකෙන මෙම යුධ නෞකාව, දියත් කිරීමේදී පතුලේ කොටස් විනාශ වී යාම හේතුවෙන් නෞකාව අසමතුලිත වූ බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබිණි.

අවස්ථාවට සම්බන්ධ වූ උතුරු කොරියානු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, එළඹෙන ජුනි මාසයේ පවත්වන ප්‍රධාන පක්ෂ රැස්වීමකට පෙර නෞකාව යථා තත්ත්වයට පත් කළ යුතු බවත්, නෞකාව නිර්මාණය කිරීමට සම්බන්ධ වූවන් අපගේ ජාතියේ ගෞරවයට හා අභිමානයට බරපතල ලෙස හානි කිරීම සම්බන්ධයන් වගකිව යුතු බවත්ය.

කෙසේ නමුත් ඔවුන්ට මුහුණ දිය හැකි දඬුවම කුමක්ද යන්න පැහැදිලි නොමැති අතර එය කිම් ජොන් උන් විසින් තීරණය කරනු ඇතැයි සැලකේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...