ඩීල් හරි මොකක් හරි කමක් නෑ, ඒකෙ කිසි වැරැද්දක් නෑ. අපි බලය පිහිටුවනවා – ඇමති ලාල්කාන්ත

Date:

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ස්වාධීන කණ්ඩායම් සමග ගෙනයන සාකච්ඡා ඩීල් හෝ කුමන නමින් හැඳින්වුවත් ඒවා ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් බව කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ප්‍රශ්නය – බහුතරය ලැබුණා කිව්වාට ආයතන එකසිය අසූ ගාණකම බලය පිහිටුවීම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමන්ලා ඒකට කරන්නෙ මොකක්ද ?

“ඕකට හොඳම දේ තමයි බලය පිහිටෙව්වාට පස්සෙ බලන එක. බලය පිහිටෙව්වාට පස්සෙ බලන්නකො කොහොමද කරලා තියෙන්නෙ කියලා වැඩේ. අපි බලය පිහිටුවනවා”

ප්‍රශ්නය – දැන් කොළඹ නගර සභාවේ එහෙම ලොකු ලොකු ඩීල් යනවායි කියලාත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා එහෙම චෝදනා කරනවා. අපි දැක්කා පහුගියදා ජනාධිපතිතුමා එක්කත් සාකච්ඡාවක් තිබුණා. ඇත්තටම එහෙම වෙනවාද ?

“වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව ගත්ත පක්ෂයට ඒ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා. ඒක තමයි බලවත්ම පැත්ත. ඉතින් පරාජිත වෙච්ච අය එකතුවෙලා බලය පිහිටුවන්න දරණ උත්සාහය ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් ගත්ත පක්ෂය බලය පිහිටුවන්න වෙනත් අයත් සමග සාකච්ඡා කරන එකේ කිසි වැරැද්දක් නැහැ. ඒකට නම මොනවා දැම්මත් – ඩීල් හරි, වෙන මොන නම දැම්මත් ඒකෙ කිසි වැරැද්දක් නෑ. ඒක අනිවාර්යයි, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ අනිවාර්යය කාර්යයක් ඒක”

කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර වටේටම යොදා එක් කොරටුවක පමණක් අස්වනු නෙලන ක්‍රිකට්

නිශ්මං රණසිංහ නොවැම්බර් 23, කොළඹ LNW: දසුන් ශානක පළමු තරගය...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් චෙන්නායිහිදී විවාහ ගිවිස ගනී!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC)...

ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක්වූ 17කට හවුති අධිකරණයෙන් මරණ දඬුවම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු...

ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : ජාතික ඖෂධ...