ජනපති අනුරගේ මීළඟ විදෙස් සංචාරය ජර්මනියට

0
413

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන මාසයේදී ජර්මනියේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

ඒ අනුව, ජුනි 10 වනදා සිට ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරයක නිරත වනු ඇති බවයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ.

මෙය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පස්වැනි නිල විදේශ සංචාරය වනු ඇත.

ඒ මහතා මීට පෙර ඉන්දියාව, චීනය, කටාර් රාජ්‍යය සහ වියට්නාමය යන රටවල සංචාරය කළේය.