ප්‍රභූ මාලනිය !

මාලනී ෆොන්සේකා අප හැර ගිහිල්ල දැන් දවසක් විතර වෙනවා. බුකියේ වගේම වෙබ් වලත් පෝස්ට් ගණනාවක් දැක්ක. ටීවී එකෙත් දැක්ක. රාජ්‍ය ගෞරව කරනවත් දැක්ක. ලංකික සිනමාව ඇතුලේ කරලා තියන කුමන හෝ දෙයක් වෙනුවෙන් එයාට ඒ තැන දෙන්න ඕනි.

ඒත් මම කොහොමද මාලනී ෆොන්සේකාට සම්බන්ද වෙන්නේ සහ මම මොනවද ඇය ගැන ලියන්නේ කියන තැනදී මට ලියන්න තරම් ආත්මමූලික කෑල්ලක් (subjective element) නැති නිසා මම තරමක් කලපනා කළා.

ආත්මමූලික කෑල්ලක් කියන්නේ ෆොටෝ එකක් බිත්තියේ ගහගෙන හරි පොතක් අස්සේ දාගෙන හරි යම් ‘විනෝදයක්’ මම ලැබුවද නැද්ද කියන එක. එහෙම දෙයක් මම කරලා නැහැ කියන්නේ මම ඇගෙන් අශ්ශීල විනෝදයක් ලබල නැහැ කියන එක. නමුත් පැරණි සිනමා ලෝලීන් ගොඩක් මේ මාලනී සහිත කැමරා කෝණයේ ‘අශ්ලීල විනෝදය’ ලැබුවා. ඇයගේ ශරීරය සහ බැල්ම අපේ කලාපයේ ෆැන්ටසි එකක් වෙන්න ඇති. බටහිරට බ්‍රිජට් බාඩෝ, මැරලින් මොන්රෝ, එලිළබෙත් ටේලර්, රීටා හේවත් වගේ.

චිත්‍රපටය තමයි මේ අශ්ලීල විනෝදය අපිට ලබාදෙන එකම විපරීත කලාව.

මාලනී ෆොන්සේකා යනු මගේ ෆැන්ටසිය නොවුණට රටේ සුවිශේෂයක්. ඒ නිසා එයාට තරමක් සුවිශේෂ අනුග්‍රහයක් දැක්වූවාට කමක් නැහැ.

දවස් කීපයක් නොලියා ඉඳල මට ලියන්න හිතුන කොටස තමයි මේ මනුස්සය ජීවත් වෙලා ඉන්නකොට යම් සුවිශේෂ අනුග්‍රහයක් උදව්වක් කරලා තියෙන්නේ මේ රටේ සාම්ප්‍රදායික කියන දේශපාලනඥයෝ නේද කියන එක. හඳගම ලියල තිබ්බ රනිල් එයා වෙනුවෙන් ජනාධිපති අරමුදලින් උදව්කළා කියල. මහින්ද මන්ත්‍රී ධූරයක් පවා දුන්න. පිළිගැනීමක් දුන්න. එයාගේ ජනප්‍රිය බැවින් කොටසක් මහින්දත් ගන්න ඇති. කෙසේ හෝ ඇය ජීවත් වෙලා ඉන්න වෙලාවේ ඇය වෙනුවෙන් දැනෙන යමක් කලේ අර ප්‍රභූ සෙට් එක.

මාලනීගේ තරුණ ශරීරය ෆැන්ටසි එකක් වෙච්ච කාලේ සාමාන්‍ය පංතියේ මිනිස්සු කැමරාව හරහා ඇගෙන් විනෝදයක් ලබල අන්තිමට ඇයට අපහාස උපහාස කළා. ප්‍රභූ කියන මිනිස්සු ඇය ෆැන්ටසි එකක් නොවන කාලයේ ඇයට උදව් පදව් කළා.

ඒක තමයි මටනම් යථ (the Real) කියල හිතෙන්නේ …..

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...