තලාදූව ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී ව්‍යාපාරිකයකු අහසට වෙඩි තබයි!

රෂිකා හෙන්නායක මැයි 29, කොළඹ LNW :

මීගමුව, තලාදූව ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී සිය ගිනි අවියෙන් අහසට වෙඩි තැබීමක් සිදුකල ව්‍යාපාරිකයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, එකම පාසලක ආදි සිසුන් දෙදෙනෙකු අතර සිදු වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

ඔවුන් දෙදෙනාම ව්‍යාපාරිකයන් වන බව පැවසේ.
 

ඉන් එක් අයෙකු මීට පෙර නීත්‍යානුකූල ආකාරයෙන් ගිනි අවියක් ලබාගෙන ඇති බවයි

එම වෙඩි තැබීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර පොර බැඳීමක් ද සිදුව තිබෙන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අහසට වෙඩි තැබූ ව්‍යාපාරිකයායි. 

ඔහු අද මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...

කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට!

කොළඹ LNW:අරුණ විදානගමගේ හෙවත් ‘මීගස් ආරේ කජ්ජා’ සහ ඔහුගේ...