දුමින්ද යළි රිමාන්ඩ්!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ලබන 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත T 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලදුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

අනතුරුව අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත අධිකරණයේ දැනුම් දීම මත ඔහුව බන්ධනාගාර රෝහල වෙත යව තිබුණු අතර අනතුරුව විශේෂඥ වෛද්‍ය පරීක්ෂාවකින් පසුව නැවත බන්ධනාගර ගත කර තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...