ක්‍රීඩා පණත සංශෝධනය ගැන මාධ්‍ය හමුව

Date:

නිශ්මං රණසිංහ මැයි 31, කොළඹ LNW:

හදිසියේ නොවන බව කීවත් ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා පණතට සංශෝධන එකතු කිරීම හදිසියේ කළ ඇති බව ඊයේ පැවති ජනමාධ්‍යයට කරුණු වාර්තා කිරීමේදී පැහැදිළි වුණා.යම් කිසි ක්‍රිඩා කිහිපයක් පාලනය කිරීමේ උවමනාවෙන් විශේෂ වගන්ති එකතු කිරිමේ උවමනාව මිස ක්‍රීඩාව ගැන පිරුණු යහපත් අදහසක් මේ සංශෝධනවල නොමැති බව අප ප්‍රකාශ කරා.


මාධ්‍ය හමුවේදී ද ඇතැම් කරුණු නොසළකා හැර තිබුණ බව දැන ගන්නට ලැබුණු අතර සමහර කරුණු පළමු වරට අප ඉදරිපත් කළ බව කියන්නට උත්සාහ කළ අවස්ථාවන් හී මාධ්‍යෙව්දීන් ඊඨ පෙර ඒවා ක්‍රියාත්මකව තිබුණු බව පෙන්වා දෙන්නට කටයුතු කළා.මේ සංශෝධනයේ ඇතැම් ක්‍රීඩාවන් අමාත්‍යවරයා පළමු,දෙවන හෝ තෙවන ස්ථාන ලැබීම අනිවාර්ය කර තිබෙන ක්‍රීඩා උළෙලවල ක්‍රියාත්මක නොවන අතර එයින් උත්සාහ කර ඇත්තේ ජාතික තරගාවලියේ පළමු,දෙවන සහ තෙවන ස්ථානවලට පැමිණෙන නිශ්චිත කොටසකට අවස්ථාව ලබා දීමයි.


එසේම ත්‍රිවිධ හමුදාව පමණක් සහභාගි වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරගවලදී ඇතැම් ක්‍රීඩාවල ප්‍රබලත්වයක් දකින්නට නැහැ.එවැනි අවස්ථාවකදී කණ්ඩායම් තුනක් පමණක් එයට සහභාගි වන අතර එම කණ්ඩායම්වලට අනිවාර්යෙන් එක දෙක සහ තුන හිමිවන බැවින් කණ්ඩායම් තුනක් සහභාගි වන තරගාවලියක මුල් ස්ථාන තුනට (කණ්ඩායම් ක්‍රිඩාවලදී) අවසර දීම යනු විසුළුකාරී ක්‍රියාවක් වෙනවා.ඒ වෙනුවට ජාතික මට්ටමේ තරග ක්‍රීඩා කරන ක්‍රීඩා අත්දැකීම් ඇති අයට,අමාත්‍යංශයටත් මුදල් නැතිව සිටින විට යම් යම් ක්‍රීඩාවන්ට අනුග්‍රහය ලැබෙන ක්‍රීඩාවන්ට සම්බන්ධ ඉතිහාසයක් ඇති පිරිස් එහි පරිපාලන පුටුවල ඉන්දවීම වැනි කරුණු අමතක කර අමාත්‍යවරයාගේ කැමත්ත යොමු වී තිබෙන පුද්ගලයන්ගේ ක්‍රීඩාවලට ඔවුන්ගේ අතීත වැරදි කිසිවක් නොසළකා බලය ලබා දීමේ අරමුණෙන් කරන ලද ලියවිල්ලක් බව අප මීට පෙර පවසා සිටි අයුරෙන්ම එම මාධ්‍ය හමුවේදි අදහස් දක්වනු ලැබුවා.


ඒ ගැන කරනු ලබන ප්‍රශ්නවලදී ඒවා සළකා බලන්නට ඉදිරියේ ඉඩ ඇති බව පවසන්නේම මෙය තාවකාලිකව මේ මොහොතට අදාළව තමන්ගේ රුචිකත්වය මත කටයුතු කරන්නට,මේ පණතේ සංශෝධන අමාත්‍යවරයා විසින් සිය උපදේශක හිතවතුන් සමඟ කළ අටවා ගැනීමක් බවයි.අමාත්‍යවරයාගෙ දරුවන් ක්‍රිඩාවට යොමු වී නැහැ.ඒත් සුගත් තිලකරත්න නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ගම් පළාතේ බොහෝ අයට ලෝකයට විවෘත වීමට ඇත්තේ සිරුරේ ශක්තිය සහ ජවය පමණයි.ක්‍රිඩා අමාත්‍යවරයා ද දැන් කොළඹ හතට සාළකීමට සමීප වී ඇතුවාට ඔහුද ගාල්ලට අයිති සාමාන්‍ය මිනිහෙක් බවත් අපි දනිමු.


ඒ අයට ක්‍රීඩාවන් විශාල ප්‍රමාණයක් තමන්ගේ ඉදිර ගමන වෙනුවෙන් යොදා ගන්නට ඇති ඉඩ මැඩ ක්‍රීඩා අමාත්‍යවරයා කරනු ලබන මේ සිමා කිරීම් නිසා ගමට යාමට ක්‍රීඩාවන්ට බලපෑම් ඇති වෙනවා මෙන්ම සුගත් වැනි ක්‍රිඩකයින් දායාද කළ රජයේ අධ්‍යාපන සහතාර අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන අනුර බණ්ඩාර වැනි සුගත් තිලකරත්නගේ පුහුණුකරුටත් තනතුරක් දැරීමට ඇති ඉඩ නැති කර තිබෙන සංශෝධනයකි.ඔහු ජාතික මට්ටමේ දිනපු ස්ථානයක් නැති බැවිනි.අශෝක රංවලගෙන්වත් නැවකී නැති ආණ්ඩුවේ දොළ දුක හෝ ඇමතිගේ දොළ දුක මෙම සංශෝධනවලින්ද පෙන්වා දී තිබෙනවා. ඉහළ පරිමානයේ වෘත්තියන් පෙරටු කර ගෙන කටයුතු කිරිම වෙනුවට පාඩම් එකතු කරගෙන ගෙන වඩා ප්‍රායෝගික තැනකට යාමට ක්‍රිඩාව වෙනුවෙන් බුද්ධිය පහළ වේවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අල්ලස් කොමිසම විසින් හිටපු...

බැඩ්මින්ටන් උර දෙන මැක්ලරන්ස් ආයෙත් ජාත්‍යන්තර තරගාවලියක බරට උර දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 01, කොළඹ LNW: වසර කිහිපයක සිට ශ්‍රී ලංකා...

අධිවේගී මාර්ගයේ යනවා නම් මේ ගැනත් දැනුවත්ද?

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අද (01) සිට අධිවේගී...

බදු පැහැර හැරීම : පියුමි හංසමාලිට සහ විරංජිත් තාඹුගලට නඩු !

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක් වන පියුමි...