කැබිනට් මණ්ඩලයට අලුතින් දෙන්නෙක් ?

කැබිනට් සංශෝධනයක් ගැන පසුගිය සති කිහිපයක් තිස්සේ විවිධ කතා කියවෙමින් තිබුණා. සුනිල් හඳුන්නෙත්ති සහ කේ. ඩී. ලාල්කාන්ත වැනි ඇමතිවරුන් මේක බොරුවක්ය කියලා කිව්වාට සභානායක බිමල් රත්නායක කියලා තිබුණේ කැබිනට් සංශෝධනයක් සිදුකරන බලාපොරොත්තුවක් ආණ්ඩුවට තියෙනවාය කියලායි.

කොහොමවුණත් මේ වෙද්දී ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට නම් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව 23 සිට 25 දක්වා වැඩිකරමින් කැබිනට් සංශෝධනයක් ඉදිරි සති කිහිපය තුළ සිදුකිරීමට නියමිතයි ලු.

මෙතැනදී මුස්ලිම් ජාතිකයෙකුට ඇමති ධුරයක් හිමිවෙන්න නියමිතයි ලු. ඒ, දැනට පවතින කැබිනට් මණ්ඩලයේ මුස්ලිම් අමාත්‍යවරයෙක් නොමැති නිසා. නියෝජ්‍ය කථානායක රිස්වි සාලි හෝ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුනීර් මුලාෆර්ට ඒ අවස්ථාව ලැබෙනු ඇති බවත් කියැවෙනවා.

තවත් අලුත් සාමාජිකයෙක් කැබිනට් මණ්ඩලය ඇතුළත් කරගන්න යෝජනා වෙලා තිබුණත් තවම ඒ ගැන අවසන් තීරණයක් නොමැති බවයි වාර්තා වෙන්නේ.

ඒ වගේම ආරක්ෂක විෂයයට අදාළ නියෝජ්‍ය ඇමතිවරයකුගේ සහ තවත් නියෝජ්‍ය ඇමතිවරයකුගේ විෂයය වෙනසක් සිදුකරන්න නියමිතයි කියලාත් ආරංචිමාර්ග සඳහන් කරනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...