රෂිකා හෙන්නායක ජුනි 03, කොළඹ LNW :
තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් , මාරවිල, කටුනේරිය ශාන්ත අන්තෝනි මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ, එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කටුනේරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයෙකු බවයි.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම ඝාතනය සිදුකර ඇති බවයි. ඝාතන සිද්ධියට සම්බන්ධ 24 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව වාර්තා වේ.
