හරිනිගේ අගමැතිකම නලින්දට?

Date:

කොළඹ LNW: කැබිනට් මණ්ඩල සංශෝධනයක් හෝ අගමැතිවරියගේ වෙනස් කිරීමක් ගැන කිසිම සාකච්ජාවක් සිදුව නැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

ඉදිරියේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් මෙන්ම අගමැති ධුරයේ වෙනසක් කර එය නලින්ද ජයතිස්සට හෝ බිමල් රත්නායක වෙත ලබා දීමේ ආණ්ඩුවේ තීරණයක් පවතින බවට වාර්තා වූ පුවතක් සම්බන්ධයන් එහි නිරවද්‍යතාව තහවුරු කරගැනීම වෙනුවෙන් අද (03) කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව අවධාරණය කළේය.

විරුද්ධවාදීන් අවධානය දිනාගැනීම සඳහා ඇතැම් මාධ්‍යයන් සමඟ එක්ව පළකරන අසත්‍ය පුවතක් බව අමාත්‍යවරයා පැවසුවේය.

ඒ නුව කිසිම ආකාරයක කැබිනට් මණ්ඩල සංශෝධනයක් ගැන සකාච්ජාවක් සිදුව නැති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර එක්කම නාමලුත් මාලදිවයිනේ සංචාරයක ?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා...

හිටපු නාවික හමුදාපති CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW : පොතුහැර ප්‍රදේශයේදී සිදුව...

Celebrity Buzz: දැනට හොලිවුඩයෙන් ගිලිහුණු අමරණීය තරු කිහිපයක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඓතිහාසික වාර්තාවක්!

රෂිකා හෙන්නායක ජූලි 28 , කොළඹ LNW : අද (28)...