*
Sunday, June 8, 2025
spot_img

Latest Posts

අශෝක ජයතුංග e කොළම.

🍎පට්ට හොරෙකුට ජනපති සමාව. හොරකමට කිසිදු ඉඩක් නොදෙන අනුර පෙරට එන්න..?

🍎අත ගහන ගහන හැම දේම නෑම….?

🍎ලාභ ලැබූ ශ්‍රීලංකන් වැනසූවේ හා ඊට සහාය දුන්නේ කවුද…?

🍎කෝටි දහස් ගණන් පාඩු ශ්‍රීලංකන්ට ජනතා මුදල් කෝටි 2000 ක් හා නව යානාවක් ඒම…?

🍎ශ්‍රීලංකන් ශක්තිමත් කොට ගහන රහස් ගේමක් ගැන සැකයක්….?

🍎දෙමළ ඩයස්පෝරාව අර්චුනා හරහා ගේම ඉල්ලීම..?

🍎සදා නිදන විපක්ෂයේ සහාය කාටද……?

🍎අපිට කළින් ජමිපර් අදින අය ගැන චාමර ගෙන් එළිදරව්වක්…..?

රටේ ප්‍රශ්න කෙටි කළකින් විසදන බවට ප්‍රතිඥා දුන් මාළිමාවට කිසිවක් කරගන්නට නොහැකි වුණා පමණක් නොව අත ගහන හැම දේම නාන බව රට තුළ ලියලන මතවාදය වේ. ක්ලීන් ශ්‍රී ලංකා, දළදා වන්දනාව, රිලා සමීක්ෂණය, රණවිරු සැමරුම, මාලනීගේ අභාවය ඉන් කිහිපයක් පමණි. දිනපතා වැඩ අවුල් කරගැනීම විනා මාස 08 කදී බෝක්කුවක් හදා ගන්නට නොහැකි වුව ද  කෝටි 50,000 කට ආසන්න අලාභ ලබා රටට බරක් වූ ශ්‍රීලංකන් වෙත ගුවන් සේවා දෙකකින් ඉවතලූ වසර 14 ක් පරණ යානයක් ගෙන ඒම හා එය සංදර්ශනයක් කරගැනීම අලුත්ම නෑම බව කියවේ.

ශ්‍රීලංකන් 2001 රනිල් පාළනය තුළ එමිරේට්ස් සමග හවුල්වී ලාභ ලබන තැනට පත්විය. ආසන වෙන්කළ මගීන් ඉවතලා රාජක්ෂලාට ආසන ලබා නොදීමේ ක්‍රියාවලිය හරහා රාජපක්ෂලා එය යළි පවරා ගැනීම රටට බරක් විය. එම රාජපක්ෂ ආණ්ඩුව 2005 දී බලයට ආවේ සෘජුව ජවිපෙ හා වක්‍රව කොටි ත්‍රස්තයන් කළ ඡන්ද වර්ජනය තුළින් ය.

 ශක්තිමත් සමාගමක් සමග එක්ව ශ්‍රීලංකන් ක්‍රියාත්මක කරවීම රනිල්ගේ ප්‍රතිපත්තිය වූ අතර එයාර් ඉන්දියා ගුවන් සේවයට ඉන්දියාව කළේ ද එයය. ශ්‍රී ලංකන් වෙත ලංසු තැබූ සමාගම් කිහිපයෙන් 03ක් තෝරා ගැණින. රනිල් ආණ්ඩුව බිදවැටී මාළිමාව ආවේ ඒ අතරය. තෝරා ගැණුනු සමාගම් 03 අතර මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකුගේ සමාගමක් පවතින අතර මාළිමා ආණ්ඩුවට ශ්‍රීලංකන් සභාපති සැපයුවේ ඔහු බවට ද මත පවතී. මෙම හිතවත්කම් හා විදුලි ටෙන්ඩර් හා ඩීල් ද සිදුවූ අතර රටේ දැවැන්ත ගැටලු පසෙකලා ශ්‍රීලංකන් වෙත මාළිමාවේ පළමු අයවැයෙන් රු මිලියන 20,000ක දැවැන්ත ජනතා මුදලක් ද යට කෙරිණ.

පොදු ප්‍රවාහනය දැඩි අර්බුදයක තිබියදී ඒවා විසදනවාට කළින් ගුවන් යානයක් මසකට ඩොලර් මිලි 03කට එනම් රු මිලි 9000 කට ආසන්න ගෙවීමක් සදහා ලීස් කොට තිබේ. තවද ගෙවුණු මාස 05 තුළ සමාගම රු කෝටි 350 ක් පාඩු ලබා ඇති බව ද ගමනාන්ත 45 න් 31 පාඩු බව ද කියවේ. ඒ තුළ ඇතැම් විශේෂඥ මතය වන්නේ ශ්‍රීලංකන් ජනතා මුදලින් ශක්තිමත් කොට එයාර් ඉන්දියා ටාටා සමාගමට පාඩුව  ඉන්දීය රජය දරාගනිමින් පැවරූ පරිදි ශ්‍රීලංකන් ද හිතවත් සමාගමකට ලබාදීමේ පසුබිම හැදෙනවා ද යන ප්‍රශ්නයය. ඒ තුළ ප්ලේන් පෙන්නා චුන්කල ජනතාව තවත් මරාලයක පැටලීම රහසේ සිදුවෙනවා ද යන්න පවතින සැකය වේ.

තමා දෙමළ ඩයස්පෝරා මුදලින් පාර්ලිමේන්තු ආ බව මන්ත්‍රී අර්චුනා කියයි. මාළිමාවට ද ඩයස්පෝරාව මුදල් දුන් බව ද ඔහු කියයි. ප්‍රභාකරන්ගේ පිළිරූ හැදීම ඔහුගේ මව නමින් ජැටි නම් කිරීම උතුරට වැඩි බලතල දීම මෙම ගනුදෙනු හරහා පොරොන්දුවී සිටි බව වටපිටාව විග්‍රහ කරන විට ඇඟවෙි. ඩයස්පෝරාව සතුව කියන තරමේ ඩොලර් නැති බව ද ඔවුන් රටේ නායකයන් අන්දා වැඩේ කරගැනීම මිස වෙනත් අරමුණු නැති බව ද අප කළින් ද කීවෙමු. අර්චුනා හරහා ජනපති අනුර හා මාළිමාව නිරුවත් කළේ එම පසුබිම තුළ බව සැකකල හැකිය.

 තවද ඇමති වසන්ත ලක්ෂ 500 කට ගත් ගෙයක දී රෑට රෑට වොෂ් ගන්නා බවට ඔහු කළ ප්‍රකාශය ද සුළුපටු නොවන බව ඒ ගැන ඇරඹී ඇති සමාජ කථිකාව තුළ පෙනී යයි. තවද ප්‍රධාන විපක්ෂය හා එම බොහෝ මන්ත්‍රීලා පොල් ගානවාදැයි අහන අයත් එමටය.

“අපට ජමිපර් අන්දන්න දගලන මාළිමා එවුන්ට අපි ජම්පර් අන්දනවා” චාමර සම්පත් කීවිට හීන්දාඩිය දැම්මේ ආණ්ඩුවේ කාටදැයි පැහැදිලි නැත.

“මුදල් හොරකමකට වැරදිකරුවූ හොරෙකුට මහින්ද හා රනිලා ජනපති සමාව දීලා. හොරකමට එරෙහි අනුර වහාම පෙරට එන්න” ආණ්ඩුවට ඔච්චම් කළ  සමාජ මාධ්‍ය ප්‍රහාරයක් පළවී තිබිණ. එය අජිත් පී. ගේ වටිනා එළිදරව්වකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan