G7 සමුළුවට මොදිට ආරාධනා කිරීම සම්බන්ධයෙන් කැනඩා අගමැතිට බලවත් විරෝධය

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම මස 15 – 17ය දිනයන්හි ඇල්බර්ටා හි කනනාස්කිස් හිදී පැවැත්වීමට නියමිත ප්‍රධාන ලෝක නායකයන් සම්බන්ධ වන G7 ජාත්‍යන්තර සමුළුව වෙනුවෙන් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මොදිට කරන ලද ආරාධනය සම්බන්ධයෙන් කැනඩා අගමැති මාර්ක් කාර්නිට සික් වරුන්ගේ බලවත් විරෝධය එල්ලව තිබේ.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය, ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රට සහ සැපයුම් දාමවල කේන්ද්‍රීය බැවින්, බලශක්තිය, කෘතිම බුද්ධිය සහ තීරණාත්මක ඛනිජ වර්ග සාකච්ඡා කිරීම සඳහා රටේ නායකයාට ආරාධනා කිරීම වැදගත් බවයි.

ඉන්දියාවේ වෙනම සික් රජයක් ගොඩ නැගීමට කටයුතු කරමින් සිටි සික් නායකයනු වන හර්දීප් සිං නිජ්ජාර් කැනේඩියානු භුමියේ ඝාතනයට මෝදිගේ භූමිකාවක් ඇති බවට එරට ෆෙඩරල් උසාවිය සාක්ෂි සහිතව තොරතුරු පවතින බවට ප්‍රකාශ කිරීමත් සමඟ දෙරට අතර සම්බන්දතා බිඳ වැටිණි.

නිජ්ජාර් ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව සහ ඉන්දියාව පසුගිය වසරේ එකිනෙකාගේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරියහ. ඉන්දියාව කප්පම් ගැනීම්, සමූහ ප්‍රචණ්ඩත්වය සහ බිය ගැන්වීම්වලට සම්බන්ධ බවට කැනඩාව විසින් ඉන්දියාවට චෝදනා කළ අතර එම චෝදනාවන් ප්‍රතික්ෂේප කරමින් ඉන්දියාව සඳහන් කර තිබුණේ, කැනඩාව ත්‍රස්තවාදීන්ට සහය ලබා දෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන්දෙවොල බිඳ වැටෙයි : “කුසට සාගිනි හදට සෝගිනි” බයිලාද ? 76 වසරක සාපය තිබිලා තියෙන්නේ අපිට විතරමද ?

එතකොට "කුසට සාගිනි හදට සෝගිනි" වගේ විමුක්ති ගී සිරිමගෙ...

මහජනතාවට සේවය සැපයීමේදී රාජ්‍ය සේවයෙන් පහසු ක්‍රමයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : මහජනතාව ලිපි ලේඛණ...

ඊශ්‍රායල ප්‍රහාරයක් ගැන තමා නොදැන සිටි බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා ඊශ්‍රායලය කටාරයේ...

ජපානයේ වැඩිහිටි ජනගහනය 29.4%කින් ඉහළට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ වයස...