මියන්මාරයේ සිවිල් යුද්ධය මධ්‍යයේ අබිං සහ මෙතම්ෆෙටමින් නිෂ්පාදනය ඉහළ යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ හමුදා සහ ජනවාර්ගික සන්නද්ධ සංවිධාන අතර ගැටුම් අතරතුර අබිං හා මෙතම්ෆෙටමින් නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මියන්මාරයේ දකුණු ෂාන් ප්‍රාන්තය හා මියන්මාරයේ නැගෙනහිර මායිම්වල අනෙකුත් ප්‍රදේශ අබිං වගාවේ කේන්ද්‍රස්ථානය වන අතර එය අබිං නිෂ්පාදනයේ රන් ත්‍රිකෝණය වශයෙන් හඳුනා ගන්නා මියන්මාරය, තායිලන්තය සහ ලාඕසයේ කොටසකි.

2022 දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පොපි වගාව තහනම් කිරීමෙන් පසු, මියන්මාරය නැවත ලොව ප්‍රමුඛතම අබිං නිෂ්පාදකයා බවට පත්වූ අතර 2021 හමුදා කුමන්ත්‍රණයෙන් පසු මියන්මාරයේ ආර්ථිකය බිඳ වැටී ඇති අතර, මිනිසුන් සාම්ප්‍රදායිකව දිවි ගලවා ගැනීමේ මාර්ගයක් ලෙස පොපි වගාවට යොමු වී ඇත.

අග්නිදිග ආසියාවේ අබිං වගාව දිගු කලක් තිස්සේ දරිද්‍රතාවය, රජයේ සේවා නොමැතිකම, ආර්ථික අභියෝග සහ අනාරක්ෂිතභාවය සමඟ සම්බන්ධ වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන අතර UNODC ඇස්තමේන්තු වලට අනුව, 2023 දී, මියන්මාරයේ පොපි වගා බිම් හෙක්ටයාර 47,000 කට වඩා (අක්කර 116,000 කට වඩා) විහිදී ගොස් ඇති අතර, 2024 වන විට අමු අබිං ටොන් 995 ක් පමණ නිෂ්පාදනය කරන ලදී.

2021 දී හමුදා අත්පත් කර ගැනීමෙන් පසු එය 135% ක වැඩිවීමක් සිදුව ඇති අතර UNODC ට අනුව, පසුගිය වසරේ මියන්මාරයේ අබිං සහ හෙරොයින් වෙළඳාමේ දළ වටිනාකම ඩොලර් මිලියන 589 ත් බිලියන 1.57 ත් අතර යැයි ගණන් බලා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...