වැරද්දු ජනාධිපති සමාව:බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේත් වැඩ තහනම්!

කොළඹ LNW:බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය මඟින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකු ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීමේ සිදුවීමට අදාළව උක්ත තීරණය ගෙන ඇති බව සඳහන්.

රුපියල් ලක්ෂ හතලිහක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව අනුරාධපුර මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කර සිටි එම විත්තිකරුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස පසුගිය ජූනි 05 වන දින උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් නියෝග කර තිබුණි.

එදින අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් ලිඛිත වාර්තාව මගින් මහාධිකරණයට දැනුම් දී ඇත්තේ අනුරාධපුර මහාධිරණය හමුවේ පැවති නඩුවට අදාළව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි අදාළ විත්තිකරු පසුගිය මැයි මස 12 වන දා යෙදී තිබූ වෙසක් පෝය දිනයේ ජනාධිපති සමාව ලබා දීම නිසා එම නඩුවෙන් නිදහස් කර ඇති බවයි.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇතිවීමත් සමඟ එම තැනැත්තාට ජනාධිපති සමාවක් ලබා දී නැති බවද අනාවරණය විය.

ඒ අනුව සිද්ධියට අදාළව අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාද ඊයේ (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...