විමල් වීරවංශගේ බිරිඳගේ පාස්පෝට් නඩුවේ තීන්දුව තුන්වෙනි වතාවටත් කල්දමයි !

0
1827

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් රන්දුණු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම මැයි 27 වනදා දක්වා කල්තබා තිබේ.

මෙම නඩුවේ සාක්ෂි විභාගය අවසන් වූයේ පසුගිය පෙබරවාරි මාසයේදී වන අතර එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණේ මාර්තු මාසයේදී ය.

ඒ අනුව අද දිනයේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල්තැබුණේ තුන්වැනි වරට ය.

RN