විමල් වීරවංශගේ බිරිඳගේ පාස්පෝට් නඩුවේ තීන්දුව තුන්වෙනි වතාවටත් කල්දමයි !

Date:

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් රන්දුණු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම මැයි 27 වනදා දක්වා කල්තබා තිබේ.

මෙම නඩුවේ සාක්ෂි විභාගය අවසන් වූයේ පසුගිය පෙබරවාරි මාසයේදී වන අතර එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණේ මාර්තු මාසයේදී ය.

ඒ අනුව අද දිනයේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල්තැබුණේ තුන්වැනි වරට ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15) දින...

51ක් වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7...

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...

ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර...