ජනාධිපති හා ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු අතර හමුවක්!

Date:

ජනාධිපතිවරයා සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු අතර අද (14) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී සකාච්ජාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැතිවරය ලෙස පත්වීමත් සමඟ රටේ ඉදිරි දේශාපාලන කටයුතු කෙසේ සිදුවනවාද යන්න පිළිබඳව එහිදී සාකච්ජා කෙරෙනු ඇති බව සඳහන්.

එම ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් හිටපු අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට දැඩි විරෝධයක් එල්ල වුවද ජනාධිපතිවරයා කෙරෙහි එවන් විරෝධයක් එල්ල වනු දැක ගත නොහැකි විය.

පසුගිය කාලය පුරාම එම කණ්ඩායම හා ජනාධිපතිවරයා අතර සාකච්ජා පැවති අතර රනිල් වික්‍රමසිංහ මහතාට ද ඔවුන් විරෝධය පළකලද නව ආණ්ඩුව විසින් ගෙන එන යහපත් වැඩකටයුතු සඳහා සහය දීමට සූදානම් බවයි ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම කණ්ඩායම සඳහන් කර සිටියේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසා තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට සහය නොදෙන බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෛත්‍රී අල්ලස් කොමිසමට යද්දී ගොඩහේවා CID යයි

කොළඹ LNW:හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ...

ශ්‍රී ලංකා-බංග්ලාදේශ විදේශ කාර්යාල උපදේශන සාකච්ඡාවල සිව්වන වටය අවසන්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී Flexiprint රිදී සම්මානයෙන් පිදුම් ලබයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ලොව වඩාත්ම විචිත්‍රවත්...