16 වැනිදා අනිවාර්යයෙන් වැඩ භාරගන්නවා – බල්තසාර් (VIDEO)

Date:

කොළඹ LNW:එළඹෙන 16 වැනිදා කොළඹ මහ නගර සභාවේ වැඩ භාර ගැනීම අනිවාර්යයෙන් සිදුවන බව ජාතික ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ අද (11) පිටකොටුවේ පැවති සංහිඳියාවේ දුන්තෙල් බත් දන්සල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජාතික ජන බලවේගයට සහය දක්වන ස්වාධීන කණ්ඩායම් සමඟ එක්ව ඉදිරියේදී කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි ඇය කියාසිටියේ.

16 වැනිදාට සිදුවන්නේ ජාතික ජන බලවේගය ඇතුළු ජනතාව අතට බලය ලැබීමක් බවද ඇය සඳහන් කරන ලදී.

සංහිඳියාවේ දුන්තෙල් බත් දන්සල පිටකොටුව ඉස්ලාම් භක්තික වෙළෙඳ ප්‍රජාවේ යෝජනාවකට අනුව පිටකොටුව එකමුතු වෙළෙඳ ව්‍යාපාරිකයින්ගේ සංගමය විසින් සංවිධානය කර තිබුණි.

මේ සදහා සම්පූර්ණ වියදම දරනු ලැබුවේ පිටකොටුව ඉස්ලාම් භක්තික වෙළෙඳ ප්‍රජාව විසිනි. රට තුල සංහිදියාව ඇතිකිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය ...

ඉන්දියාවේ අධිවේගී දුම්රියක ගැටීමෙන් අලි ඇතුන් හත් දෙනෙකු මිය යයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(20)...

අතුරු අයවැයෙන් වෙන්නේ කුමක්ද ?

මේ වන විට ඉදිරි 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන...