ජර්මානු ජනාධිපති සහ ජනපති අනුර අතර හමුවක්!

Date:

රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW :

අද (11) දින ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) මහතා විසින් බර්ලිනයේ බෙල්වීව් මන්දිරයේදී රාජ්‍ය ගෞරව සහිතව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

බර්ලිනයේ බෙල්වීව් මන්දිරය (Bellevue Palace) වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගනු ලැබූ අතර, ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණය සඳහා එක්වූ අතර, නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුනු බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

එහිදී දෙරට අතර ආර්ථික හා ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණ අතර, වෘත්තීය පුහුණු සහ සංචාරක කර්මාන්තය යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති...

රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : රේගු දෙපාර්තමේන්තුවෙන් ...

වෙඩි තැබීමක් : එක් අයෙකු මරුට ..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : අද (02) පස්වරුවේ,...

ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙඩි තැබීමකින්...