නව කොවිඩ් ප්‍රභේදයේ පැතිරීම සහ දැනට වාර්තා වී ඇති මරණ ගැන දැනුම් දීමක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මේ වනවිට රට පුරා පැතිර යන නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසනය වීමෙන් මරණ දෙකක් වාර්තා වී ඇති බව වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර පවසයි.

“ලංකාවේ දැනට වෛරස් විද්‍යාතනයෙන් පවසන ආකාරයට, ස්වසන රෝගීන්ගේ 9% – 13% අතර සංඛ්‍යාවකට අලුත් ප්‍රභේදය නිසා කොවිඩ් ආසාදනය හැදිලා තියෙනවා. මෙම කොවිඩ් ආසාදනය ඉතාම අඩු බැරෑරුම් තත්ත්වයක පවතින්නේ. හානිකර තත්ත්වයන් ඉතාම අවමයි. නමුත් අවුරුදු 65ට වැඩි, ප්‍රතිශක්ති අඩු, ඒ රෝගීන්ට මේක බැරෑරුම් වෙන්න පුළුවන්. එහෙම අය මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ලංකාවේ මරණ දෙකක් වෙලා තියෙනවා. දෙන්නම සංකූලතා තිබුණ අය. දැනට ඒ හැරුණම වෙන අපිට බැරෑරුම් තත්ත්වයක් නැති නිසා අනවශ්‍ය කලබලවීම් වෙන්න අවශ්‍ය නෑ. නමුත් විශේෂිත කණ්ඩායම් මේ ගැන සැලකිලිමත් විය යුතුයි”

මහාචාර්ය දුෂාන්ත මැදගෙදර මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...