ඉරාකයේ බැග්ඩෑඩ්හි සිටින අත්‍යවශ්‍ය නොවන තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය අමෙරිකාවෙන් වහාම ඉවත් කිරීමට පියවර!

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW :

අමෙරිකාවේ අලුත්ම තීරණයක් ලෙස ඉරාකයේ බැග්ඩෑඩ්හි සිටින අත්‍යවශ්‍ය නොවන තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගෙන් යැපෙන්නන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බව වාතා වේ.

ආරක්ෂක අවදානම ඉහළ යාම හේතුවෙන් බව තොරතුරු වාර්තා වේ. දැනටමත් ඔවුන් ඉරාකයෙන් ඉවත් වෙමින් සිටින බව අමෙරිකානු රජයේ ආරංචි මාර්ග පවසා තිබේ.

කෙසේවෙතත් ඉවත් කිරීමට හේතු කුමක් දැයි අනාවරණ කර නොමැති අතර, එරට ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව, අමෙරිකානු හමුදා භටයින් 2,500ක් පමණ ඉරාකයේ සිටින බව පැවසේ.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ පවසා ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹිය හැකි බවට තමා තුළ ඇත්තේ අඩු විශ්වාසයක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...