වැඩි ඡන්ද තුනකින් අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සජබයට!

Date:

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW :

අද (12) උදෑසන පැවති ඡන්ද විමසීමේ දී වැඩි ඡන්ද තුනකින් අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය විසින් අත්කරගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ඉස්තිහාර් ඉමාදුදීන් මහතා සභාපතීත්වයට පත්වූ බව මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය නිවේදනය කර ඇත. අකුරණ ප්‍රාදේශීය සභාවට සභිකධුර 30ක් හිමිව තිබූ අතර, අද දින එක් අයෙකු නොපැමිණි අතර ඒ අනුව සභිකයින් 29 දෙනෙකු ඡන්දය භාවිත කළ බව සඳාහන් වේ. සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයෙන් තාරික් අලී මහතා ඉදිරිපත් වූ අතර ඔහු ඡන්ද 13ක් හිමි කරගත් බව පැවසේ.

තවද, උපසභාපති ධුරය සඳහා පොදුජන එක්සත් පෙරමුණේ චමින්ද තිලකරත්න මහතා ඡන්ද 18ක් හිමි කරගනිමින් පත්වූ අතර, ජාතික ජන බලවේගයේ වසන්ත කුමාර මහතා හිමිකර ගනු ලැබුවේ ඡන්ද 11ක් පමණක් බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...