දිවයිනේ සියළු බන්ධනාගාර වෙත CID කණ්ඩායම් 28ක්..

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW :

ජනාධිපති සමාව නොලැබූ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු වෙසක් පොහොය දිනයේ නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට දැඩි ආන්දෝලනාත්මක තත්වයක් මතුව ඇති අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 28ක් දිවයිනේ සියළු බන්ධනාගාර වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ , අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම් විසින් බන්ධනාගාර තුළ ඇති ලේඛණ රැසක් පරික්ෂා කරන බවයි.