රට ගොඩගැනීම සඳහා නව ආණ්ඩුව ගන්නා සෑම තීන්දුවකටම උපරිම සහය දෙනවා – පොහොට්ටු ලේකම් (VIDEO)

0
598

රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා නව ආණ්ඩුව ගන්නා සෑම තීන්දුවකටම උපරිම සහය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේය.

ඒ, අද (14) ජනාධිපතිවරයා සමඟ ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස මේ මොහොතේ ප්‍රධාන ඉල්ලකය වන්නේ රටේ ආර්ථිකය ගොඩනැගීම බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

පක්ෂයක් ලෙස ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් නව ආණ්ඩුවට සහය දෙන බවයි ඔහු කියා සිටියේ.

ASK