ඊශ්‍රායලය විසින් ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(13)අලුයම ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

මෙම මෙහෙයුම ඔපරේෂන් රයිසින් ලයන් වශයෙන් නම්කර ඇති අතර ඊශ්‍රායලය සඳහන් කර තිබුණේ, ඉරානය විසින් ක්‍රියාත්මක කරන න්‍යෂ්ටික වැඩසටහන් හා විප්ලවවාදී ආරක්ෂක මූලස්ථානය සිය රටේ පැවැත්මට තර්ජනයක් වන හෙයින් ඊට එරෙහිව සිය ප්‍රතිචාරය දැක්වූ බවයි.

ඊශ්‍රායලයේ ප්‍රහාර හේතුවෙන් ඉරාන විප්ලවවාදී ආරක්ෂක භට කණ්ඩායමේ ප්‍රධානී හොසේන් සලාමි ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකු මියගොස් ඇති අතර ඉරානය විසින් ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට ඉරාන මාධ්‍ය තහවුරු කර ඇත.

මේ හේතුවෙන් ඊශ්‍රායලය මේ වන විට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර පාසල්, පොදු රැස්වීම සියල්ල අවලංගු කර ඇති අතර මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කර තිබුණේ, ඇමරිකාව මෙම කිසිදු ප්‍රහාරයකට සම්බන්ධ නොවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රිය අනතුරකින් තුවාල ලබයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉලංගෛ තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ...

අදත් බැකෝ සමන්ගේ ගෝලයකු ආයුධත් සමඟ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : සංවිධානාත්මක අපරාධකරුවෙකු වන...

අවුරුදු 16ට අඩු දරුවන්ට ශක්තිජනක පාන වර්ග තහනම් කිරීමට එංගලන්තය සැරසේ….

එංගලන්තයේ වෙසෙන අවුරුදු 16ට අඩු දරුවන්ට රෙඩ් බුල්, මොන්ස්ටර්...

ඊශ්‍රායලයේ දෝහා ප්‍රහාරයෙන් පසු කටාර්හි අරාබි-ඉස්ලාමීය සමුළුව සඳහා නායකයින් රැස්වෙති!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සතියේ දෝහා...