ජුනි පළමු දින 10 ට විදෙස් සංචාරකයින් 44,000ක් ඇවිත් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2025 ජුනි මාසයේ පළමු දින 10 තුළ දී 43,962ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,073,765 බවයි ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

ජුනි මාසයේ පලමු දින 10 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ජුනි 5 වන දිනයි. ඒ 5,421ක සංචාරකයින් පිරිසකි.

එම කාල සීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස ඉන්දියාව වාර්තාවන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 12,362ක් ලෙසයි.

මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,740 ක්, බංගලාදේශයෙන් සංචාරකයින් 2,717ක්, ජර්මනියෙන් 2,439ක් සහ චීනයෙන් සංචාරකයින් 2,403ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බවත් එම වාර්තාවල සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...