ලන්ඩන් ඇතුළු යුරෝපීය ගුවන් ගමන්වල වෙනස්කම් – ශ්‍රී ලංකන් ගුවන් සේවය

Date:

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW :

මේ වනවිට මැදපෙරදිග උත්සන්න වන යුධමය තත්ත්වය හේතුවෙන් ලන්ඩන් ඇතුළු යුරෝපීය ගුවන් ගමන්වල වෙනස්කම් සිදු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග මතුවෙමින් පවතින යුද උණුසුම හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ඇතැම් ප්‍රදේශවල ගුවන් අවකාශ වසා දමා තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේ, එහි ප්‍රතිඵලයක් ලෙස, ගැටුම් කලාපය මඟ හැරීම සඳහා මෙම මාර්ග වෙනස්කම් සිදු කරන බවයි.

ඒ අනුව යුරෝපා කලාපයේ ගුවන් ගමන් කාලය වැඩි වී ඇති බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේය.

තවද, ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අද දිනයේ ලන්ඩන් සිට කොළඹට පැමිණෙන UL504 ගුවන් යානය, එහි ගුවන් ගමන වෙනස් කිරීම හේතුවෙන් ඉන්ධන පිරවීම සඳහා දෝහා ගුවන් තොටුපොල වෙත හරවා යවා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා...

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...