ලන්ඩන් ඇතුළු යුරෝපීය ගුවන් ගමන්වල වෙනස්කම් – ශ්‍රී ලංකන් ගුවන් සේවය

Date:

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW :

මේ වනවිට මැදපෙරදිග උත්සන්න වන යුධමය තත්ත්වය හේතුවෙන් ලන්ඩන් ඇතුළු යුරෝපීය ගුවන් ගමන්වල වෙනස්කම් සිදු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග මතුවෙමින් පවතින යුද උණුසුම හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ඇතැම් ප්‍රදේශවල ගුවන් අවකාශ වසා දමා තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේ, එහි ප්‍රතිඵලයක් ලෙස, ගැටුම් කලාපය මඟ හැරීම සඳහා මෙම මාර්ග වෙනස්කම් සිදු කරන බවයි.

ඒ අනුව යුරෝපා කලාපයේ ගුවන් ගමන් කාලය වැඩි වී ඇති බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේය.

තවද, ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අද දිනයේ ලන්ඩන් සිට කොළඹට පැමිණෙන UL504 ගුවන් යානය, එහි ගුවන් ගමන වෙනස් කිරීම හේතුවෙන් ඉන්ධන පිරවීම සඳහා දෝහා ගුවන් තොටුපොල වෙත හරවා යවා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...