පොරොන්දු වූ අභිචෝදක සහ එම කාර්යාලය කෝ ? කාදිනල් හිමි ප්‍රශ්න කරයි!

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ පරිදි පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වලට සහය දීම වෙනුවෙන් බලතල සහිත අභිචෝදකවරයෙක් සහ එම කාර්යාලයක් ස්ථාපිත කරන බවට වූ පොරොන්දුව මෙතෙක් ඉටුව නොමැති බව කණගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතු බව අගරදගුරු අතිඋතුම මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වහන්සේ අවධාරණය කරති.

උන්වහන්සේ පවසන්නේ ඊට මූලික වැඩපිළිවෙලක් හෝ ආරම්භ නොකිරීම හා සසල කරවන්නක් බවයි.

”වෝහාරික විමර්ශනවලට මඟපෙන්වීමට හා උදව් කිරීම සඳහාත් පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුව නඩු කටයුතු පවත්වාගෙන යාමටත් බලතල ඇති විශේෂ අභිචෝදකවරයෙක් සහ කාර්යාලයක් ස්ථාපිත කරන බව ට වූ පොරොන්දුව මේ දක්වා ඉටු වී නොමැති බව කණගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුයි. ජනධිපතිවරයා සත්‍යවාදීව සහ සාධාරණව රට ඉදිරියට ගෙනයන්නට දුෂණය සහ වංචාව සදහටම අප දේශයෙන් තුරන් කරන්නට දරන වෑයම අපි අගය කරනවා. එහෙත් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අප වෙත ඉදිරිපත් කරමින් එදා පාස්කු ප්‍රහාර විමර්ශන පිළිබඳව අපට දුන් පොරොන්දුව තවමත් එලෙසම ඉටු වී නොමැත වීම හා ඒ සඳහා මුලික වැඩපිළිවෙලක් හෝ දියත් කිරීමට නොහැකි වීම අප සසල කරවන්නකැයි කිව යුතු වේ. ” යනුවෙන් අගරදගුරු හිමිපාණන් වහන්සේ තවදුරටත් සඳහන් කළහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...