මීළඟ සති කිහිපය තුළ තමයි අමාරුම කාලය එන්නේ – ආර්ථිකය ගැන අගමැතිගෙන් අද ප්‍රකාශයක්

ඉදිරි සති කිහිපය තුළ මෙරට ආර්ථිකයේ දුෂ්කරතම කාලසීමාව උදාවෙනු ඇති බව නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් අද (15) දිනයේදී අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

“මීළඟ සති කිහිපය තුළදී තමයි අපට අමාරුම කාලය එන්නේ. ඒ ගැන මම හෙට (15) කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ රටේ අද වෙලා තියෙන ආර්ථික ප්‍රශ්න නිසා තරුණ හඬක් ඇතිවෙලා තියෙනවා. මේ තරුණ හඬේ සංකේතය තමයි ගෝටාගෝගම. අපි ගෝටාගෝගම ඉවත් කරන්නෙ නෑ. ඒක අපි ආරක්ෂා කරනවා”

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) දිනයේ පැවති රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා කිහිපයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...