ආර්ථික අර්බුදය විසඳීමට අගමැති රනිල් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ තවදුරටත් සාකච්ඡා

Date:

ආර්ථික අර්බුදය විසඳීමට අගමැති වික්‍රමසිංහ මහතා තවදුරටත් සාකච්ඡා කරයි

රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා පැවැත්වීය. ඖෂධ, ආහාර සහ පොහොර සැපයීමේ ගැටළු සඳහා සහය දැක්වීම පිළිබඳව එම සංවිධාන සමඟ පැවති සාකච්ඡාවලදී අවධානය යොමු විය. නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේ ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන දෙක හමුවීමට සමගාමීව ජාත්‍යන්තර සම්මේලනයක් පිහිටුවීම සම්බන්ධයෙන් විදේශ නියෝජිතයන් සමඟ ද සාකච්ඡා කර ඇති බවයි. සාකච්ඡා ධනාත්මක වී ඇති බව පැහැදිළි කළ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරි සතිය සඳහා ඉන්ධන අවශ්‍යතා සඳහා ගෙවීමට අවශ්‍ය මුදල් ලබාගැනීමේ ක්ෂනික අභියෝගය රජයට පවතින බවයි.
බැංකුවල ඩොලර් හිඟය හේතුවෙන් රජය දැන් අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට වෙනත් විකල්ප සොයා බලමින් සිටී.
මේ අතර 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිලිබද හෙට දිනයේදී සාකච්ඡාවට ගන්නා බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. පසුව එය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරේ.

පසුගිය දින දෙක තුළ තමාගේ රැස්වීම්වලින් අනතුරුව හෙට (15) දිනයේදී රටේ පවතින මූල්‍ය අර්බුදය පිළිබඳ සම්පූර්ණ ප්‍රකාශයක් කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අගමැති මාධ්‍ය
2022 මැයි 15

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාලු පුර ක්‍රීඩා සහ සංස්කෘතික මුසුවකින් හැඩ කළ ඔලිම්පික් දින උළෙල

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

ශ්‍රී ලංකාව හරාරේ යන්න නියමිතයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ඒකාබද්ධ ගොවි සංවිධානයෙන් රජයට ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : 2024 වසරට සාපේක්ෂව...

වතු කම්කරුවන්ට සුබ කාලයක්!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : වර්තමානයේ පවතින කම්කරු...