ඉරානයෙන් ඊශ්‍රායලය වෙත ප්‍රති ප්‍රහාර; ඊශ්‍රායලයේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(13)උදෑසන ඊශ්‍රයල හමුදාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් හා හමුදා මුලස්ථානයක් ඉලක්ක කරගනිමින් දියත් කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය දියත් කළ මහා පරිමාන මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් හේතුවෙන් ඊශ්‍රායලයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඊශ්‍රායලය ප්‍රහාර හේතුවෙන් ඉරාන විප්ලවවාදී ආරක්ෂක භට කණ්ඩායමේ ප්‍රධානී හොසේන් සලාමි ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකු මෙන්ම විද්‍යාඥයින් හය දෙනෙකු මියාමට ප්‍රතිචාර වශයෙන් බරපතලම සහ විශාලතම ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින්, රටේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සඳහන් කර තිබුණේ, මෙම ප්‍රහාරය තම කීර්තියට එල්ල වූ ම්ලේච්ඡ පහරක් වන බවත්, දැඩි දඬුවම් පමුණුවන බවටත්, මෙම කතාව අවසන් කරන බවටත් පොරොන්දු වී ඇත.

ට්‍රම්ප් පරිපාලනය මෙම ප්‍රහාර පිළිබඳව කල්තියා දැන සිටියා පමණක් නොව, රහසිගතව ඒවා අනුමත කළ බවට ඉරානය චෝදනා කරන අතර එය ඇමරිකාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...