ප්‍රහාර නවත්වන්න : António Guterres ඊශ්‍රායලය සහ ඉරාන නායකයන්ගෙන් ඉල්ලයි!

Date:

රෂිකා හෙන්නායක ජූනි 14, කොළඹ LNW :

එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres විසින්, ඊශ්‍රායලය සහ ඉරාන නායකයන්ගෙන් ඉල්ලිමක් කර තිබේ.

ඒ, ඊශ්‍රායලය සහ ඉරානය දෙපාර්ශවයට එල්ල කරන ප්‍රහාර නතර කරන ලෙසයි.

යුද ගැටුම් නැවැත්වීමට කාලය පැමිණ ඇති බව, සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රකාශ කර ඇත.

සාමය හා රාජ්‍යතාන්ත්‍රිකභාවය ජය ගත යුතු බවද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන බවද වාර්තා වේ.

තවද, ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය චීනය විසින් හෙළා දැක තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ෆූ කොන් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමකදී පවසා ඇත්තේ ඊශ්‍රායලය විසින් ඉරානයේ ස්වෛරීභාවය ආරක්‍ෂාව සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීම හෙළා දකින බවයි.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, මේ අතර කැනඩාව ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයට පක්ෂපාතීව අදහස් දක්වා ඇති බවයි.

කැනඩාව ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලයට සිය රට ආරක්‍ෂා කර ගැනීමට සහ ආරක්‍ෂාව සහතික කර ගැනීමට අයිතියක් ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ස්කොෂ් 2025 සැප්තැම්බර් මාසයේ 6K PSA ජාත්‍යන්තර ශූරතාවලියට සූදානම්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් මගින් සංවිධානය කරනු...

වසර 21 කට පසු පොළොන්නරුව මහාධිකරණය හමුවේ අවසන් වූ ඓතිහාසික නඩු තීන්දුව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : පොළොන්නරුව මහාධිකරණය හමුවේ...

නදීශා මූලික වටයෙන්ම ඉවතට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක සූරතා මලල ක්‍රීඩා...

ජනාධිපති අරමුදලෙන් අශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහනක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : මහයියාව ප්‍රදේශයේ ආර්ථික...