හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

Date:

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට අයත් බව කියන ව්‍යාපාරික ආයතන තුනක් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව 2025 ජුලි 03 වනදා මෙම වෙන්දේසිය සිදුකෙරෙන බවට කොළඹ වාණිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්, නියෝජ්‍ය පිස්කල් විසින් පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීමක් පළකර ඇත.

මෙසේ මෙම ආයතන සතු දේපළ වෙන්දේසි කිරීමට තීන්දු කර ඇත්තේ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අයවිය යුතු රුපියල් මිලියන 104 කට අධික මුදලක් (104,229,342) අයකර ගැනීම සඳහා ය.

2022 නොවැම්බර් 10 වනදා ලබාදුන් අධිකරණ නියෝගය අනුව දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ව්‍යාපාරික ආයතන මෙසේ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියමිත බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් ගොඩයන්න පුළුවන්. ආණ්ඩුවට මුදල් තියෙනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා තවත් රුපියල්...

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිඩ්නිහි බොන්ඩි වෙරළ...

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...