The Caged Bird වෙනුවෙන් ලංකාවට ආ රුවැත්තී “Varalaxmi Sarath Kumar”

Date:

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW :

“Cadge Bird” නැමති ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ජාත්‍යන්තර ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කිරීමට නියමිත චිත්‍රපටය සදහා එහි ප්‍රධාන චරිතය රගපෑමට , සුප්‍රකට දකුණු ඉන්දීය සිනමා නිළි “Varalaxmi Sarath Kumar” අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ.

මෙම චිත්‍රපටය ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් විසින් නිර්මාණය කෙරෙන බව වාර්තා වේ.

සිනමා නිළි වරලක්ෂ්මි සරත් කුමාර් උදෑසන 11.04 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හරේන්ද්‍රා විජේවර්ධන සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ජාත්‍යන්තර සිනමාකරණ හා ප්‍රවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද මුණසිංහ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි දස වසර තුළ සමාජ සුබසාධනය සහ ශාසනික උනන්තිය වෙනුවෙන් කැපවෙනවා – දියවඩන නිලමේ

සටහන - රුවන් නෙළුගොල්ල ගතවූ විසි වසර තුළ කුමන අභියෝග...

අද (09) දවසේ මිලිමීටර් 75ට වැඩි තද වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න්...

වාහන සඳහා ලීසිං පහසුකම් අනුපාත සංශෝධනය කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබාදීමේ...

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග...