හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද එක්කම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් අහෝසියි -පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය!

Date:

කොළඹ LNW:ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සහ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට ‍ලබා දී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට හැකි වන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සහ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත් 2 ක් සකස් කිරීම වෙනුවෙන් නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙම කැබිනට් අනුමැතියත් සමඟ වත්මන් රජයේ “පොහොසත් රටක් -ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 5 කට පසු ලබා දෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා වූ පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...