අභියාචනාධිකරණයේ සභාපති ධුරයට අතිරේක සොලිසිටර් ජනරාල්, රොහන්ත අබේසූරියගේ නම යෝජනා වේ!

Date:

අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය යෝජනා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත දැනුම්දීමක් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.


ජනාධිපතිවරයා විසින් එසේ ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය නම නිර්දේශකර ඇත්තේ අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න පසුගිය 16 දා විශ්‍රාම ගැනීමෙන් වූ පුරප්පාඩුව සඳහාය.

මේ අතර අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර්, අද (ජුනි මස 18) දිනයේ විශ්‍රාම ගැන්වීමට නියමිත අතර එළඹෙන ජුනි 20වැනිදා ඇතිවන්නට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩුවක් සඳහා ඔහුව පත්කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශයක් ඉදිරිපත් කර ඇතැයි ද වාර්තාවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (18) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

THE LEADER

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...