අභියාචනාධිකරණයේ සභාපති ධුරයට අතිරේක සොලිසිටර් ජනරාල්, රොහන්ත අබේසූරියගේ නම යෝජනා වේ!

Date:

අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය යෝජනා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත දැනුම්දීමක් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.


ජනාධිපතිවරයා විසින් එසේ ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය නම නිර්දේශකර ඇත්තේ අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න පසුගිය 16 දා විශ්‍රාම ගැනීමෙන් වූ පුරප්පාඩුව සඳහාය.

මේ අතර අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර්, අද (ජුනි මස 18) දිනයේ විශ්‍රාම ගැන්වීමට නියමිත අතර එළඹෙන ජුනි 20වැනිදා ඇතිවන්නට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩුවක් සඳහා ඔහුව පත්කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශයක් ඉදිරිපත් කර ඇතැයි ද වාර්තාවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (18) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

THE LEADER

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක මලල ක්‍රීඩාවේ නැඟී එන තරුවලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටවල් තුනකින් පමණයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩාවේ මේ...

හිටපු ඇමති ප්‍රසන්න අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවෙම්බර් 12, කොළඹ LNW : හිටපු අමාත්‍යවරයෙකු...

අරවින්ද ගේ සිය දිවි නසා ගැනීම

නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: යහපත් වැඩට ජනප්‍රිය පුද්ගලයන්...

අතිරේක වාසියත් අන්තිමට ප්‍රයෝජනයක් නැති වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: ලකුණු 300 ක් ලබා...