සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW:

සංජක ප්‍රසාද් දොලේවත්ත මේ වන විට තරුණ පරපුර අතර රහැති ලිවීමක යෙදෙන සාහිත්‍යවේදියෙක්. ඒ ගැන අටුවා ටීකා අනවැසියි.ඒත් සංජකගේ සාහිත්‍යමය සහ කලා භාවිතාවන්ගේ මුල් පියවරේ සිට දන්නා අයෙකු ලෙස සංජකගේ පාඨක ආකර්ශණය සඳහා වන පෙළමීම ඇත්තේ ඔහුට මේ ගලා යන රැලි හරහා වෙනතක පිහිණීමට තිබෙන ආශාව නිසයි.


සමහර විට මේ අමුත්ත ඔහු ස්ථාපනය කරන්න යොදා ගන්නා මාර්ගයද පහසු නැහැ.ජීවිතය මත ගැටුණු බොහෝ බාධක කම්කටොළුම ජීවිතය රසවත් තැනෙක පිහිටුවාලන්නට සංජකගේ භාවිතාව තුළ සමත් වී තිබෙනවා.වරෙක වාදකයෙකු,ගායකයෙකු ලෙස අවන්හල් පුරා ඇවිද ගිය සෞන්දර්යමය චාරිකාව අකුරු මත විධිමත්ව සැතපෙන්න ගත් මොහොතේ සිට සංජක අලුත් සිතීමක සිය ලිවීම මෙහෙයවන්නටත්,ඒ සඳහා වන සමාජ පෙළඹීමක් ඇති කරන්නටත් සමත්ව තිබෙනවා.


එහි අලුත්ම පිම්ම එක්ක ඔහු සමාජගත වෙන මොහොත ඔහු සියලු කේෂ්ත්‍ර සමඟ සහෘද බැදීම් ඇති කර ගත්තා පමණක් නොව ජීවන ගමනේ අත්වැල් අල්ලා ගැනීම පවා තීරණය කළ සිය ශාස්ත්‍රාලය වන ලුම්බිණි රඟහලට රැඟෙන එන්නට තීරණය කරනවා.කෘතිම බුද්ධිය සමග එක්ව ශ්‍රී ලංකාවේදී සිඳු කරන පළමුවන නවකතාමය ලිවීම වන සියලුම හිමිකම් ඇවිරිණි එළි දැක්විම ඒ අනුව ජූනි 19 වන දා පස්වරු 3.30 ට ලුම්බිණි රඟහලේදී සිඳු වෙනවා.


මිට වසර 30 ට පමණ එපිට පස්වරු 3.30 නාට්‍ය දර්ශණවලට පැමිණෙන නාට්‍ය කණ්ඩායම් එක්ක ලෙංගතුව ඒ නාට්‍යවල කොටස් වෙච්චි තරුණ කණ්ඩායමක හිටිය ලුම්බිණි මානවකයන් අතර සිටි සංජක,ඒ හරහා ලංකාවේ ඉහළ නාට්‍ය සංස්කෘතිය සහ සාහිත්‍යය වින්දනය කරන්නට අවකාශය ලැබූ අයෙක්.ඒ ලුම්බිණියේ ඔහුට ජීවිතය රස විඳින්නට මග කියා දුන් නාට්‍ය ප්‍රදර්ශන වේලාවම මේ අපූරු කෘතිය එළිදක්වන මොහොතටත් ගෙන එන්නට සංජක කල්පනා කරන්නට ඇති කියා දිනය සමඟ යොදා ඇති වේලාව දුටු විට හැඟෙනවා.


මේත් නාට්‍යයක තෙවන සීනුවෙන් පස්සෙ මිනිසුන්ගේ හිත නෙත වේදිකාව මත බැඳෙනවා වගේම අපූරු වැඩක්.ආකෘතිමය වශයෙන් කරන මේ පෙළහර සාහිත්‍යමය වශයෙන් ගත් විට අලුත් සංදර්භයන් සම්බන්ධයෙන් තරුණකම ඇවිස්සිමක් ද වෙනවා.සංජක තරුණයි.ඒ වයසෙන් ගෙවෙන කාලය අනුව ඔහුගේ හිත නොදුවා අලුත් සංකල්ප ඔස්සේ දිවයන නිසා පමණයි.පැසුණු රැවුල තරමටම ඔහු අලුත්විමෙන් පැසෙන නිසා හැමදාම තරුණයි.ඒ වගේම අලුත්.ඒ නිසා මේ අලුත් ලිවිම ගැන හෙට අපට අලුත් පරම්පරාවට සිතන්නට සියලු හිමිකමු පැවරෙන් කෘතියක් හැටියට සියලු හිමිකම් ඇවිරිණ ජනගත වීමට සම්බන්ධ විම සියලු සාහිත්‍ය රසකාමීන්ට වැදගත් වෙනු නිසැකයි.


දිනය ජූනි 19
තැන – හැව්ලොක් ටවුන් ලුම්බිණි රඟහල
වේලාව පස්වරු 3.30

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...