සටහන: සශිකලා මධුෂාණි
ජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල් ගුවන් හමුදාව (IAF) විසින් ඊයේ(18)දිනයේදී ඉරානයේ ටෙහෙරානයේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හමුදා මූලස්ථානය(Basij), ටෙහෙරානයේ දිස්ත්‍රික්කයේ 3 හි ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අවි පහසුකම්, කරජ් අසල මිසයිල කඳවුරු සහ කර්මන්ෂා සහ ලොරෙස්ටාන්හි ගුවන් ආරක්ෂක පද්ධති 70කට අධික ස්ථානවලට ප්‍රහාර දියත් කළ බව වාර්තා වේ.
ඉරානයේ අභ්‍යන්තර ආරක්ෂක මෙහෙයුම්වලට රටේ දැවැන්ත (Basij) ප්‍රතිරෝධක බලකාය ඇතුළත් වන අතර මේ සමබන්ධයෙන් විශේෂ ප්‍රක්ෂයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් තහවුරු කළේ ඊශ්‍රායල ගුවන් හමුදාව (IAF)විසින් ඉරාන ඒකාධිපතියාගේ මධ්‍යම මර්දනකාරී හස්තය වන ඉරාන පාලන තන්ත්‍රයේ අභ්‍යන්තර ආරක්ෂක මූලස්ථානය විනාශ කර ඇති බවයි.
මීට අමතරව ඊශ්‍රායලය ඉරානයේ රාජ්‍ය රූපවාහිනී විකාශනය හැක් කර, පාලන තන්ත්‍රයට එරෙහිව නැගී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි අතර, ආරක්ෂක උල්ලංඝනයක් පසුව ඉරාන බලධාරීන් විසින් තාවකාලික අන්තර්ජාල වසා දැමීමක් පනවා ඇත.
අඛණ්ඩව හයවන දිනටත් මෙම නවතම ප්‍රහාර පැමිණෙන්නේ ඊශ්‍රායලය විසින් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ හමුදා මුරපොලවල් වෙත හදිසි ප්‍රහාරයක් දියත් කර නිලධාරීන් සහ විද්‍යාඥයින් කිහිප දෙනෙකු මරා දමා දින කිහිපයකට පසුවය,
මේ වන විට එක්සත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන යුද්ධයට සම්බන්ධවනවාද යන්න සලකා බලමින් සිටින බව වර්තා වන අතර ඉරානයට එරෙහිව භාවිතා කරන ඕනෑම කලාපීය කඳවුරු විනාශ කරන බවට ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය( IRGC) තර්ජන නිකුත් කළ අතර එවැනි පහසුකම් සඳහා ප්‍රවේශය ලබා දෙන්නේ නම් දැඩි ප්‍රතිවිපාක ඇති බවට සත්කාරක රටවලට ද අනතුරු අඟවා ඇත.