අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු සහ නව අභියාචනාධිකරණ සභාපති දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW :

ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී, නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නලින් රොහාන්ත අබේසුරිය මහතා අද පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබීය.

මහාධිකරණ විනිසුරු, දොන් ෆ්‍රැන්සිස් හතුරුසිංහ ගුණවර්ධන සහ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැඳිගේ යන මහත්වරු දිවුරුම් දෙනු ලැබුවේ නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙසයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...

ඥානසාර හිමි මගේ යාළුවෙක්. උන්වහන්සේ අවංක මනුස්සයෙක්. සිවුරට දඬුවම් දෙනවාට මම කැමති නෑ – ඇමති ලාල්

ගලගොඩඅත්තේ ඥානසාර හිමි තමන්ගේ මිතුරෙකු බවත් උන්වහන්සේ අවංක පුද්ගලයකු...

ජනාධිපති ට්‍රම්ප් ග්‍රීක තානාපති කිම්බර්ලි ගිල්ෆොයිල් ධුරයෙන් ඉවත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 14: ඇමෙරිකානු ජනාධිපති...