නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW:
තායිලන්තයේ තමාසාට් හී දී ජුනී 22 සිට 25 දක්වා පැවැත්වෙන තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අට දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහබාගී වීමට නියමිත වේ.ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ අනාගත වැදගත්කමක් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසකගේ ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණවලට ප්‍රවේශය බවට පත් වූ තායිලන්ත විවෘත මලල ක්‍රීඩා සූරතාවලිය සඳහා සහභාගි වන කණ්ඩායමට ජවන අංශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු ඇත්ළත් වන අතර පිටිය අංශයෙන් තරග වැදීම සඳහා යොදවා ඇත්තේ ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක පමණයි.
පහතින් දැක්වෙන්නේ තරගාවලියට සහභාගිවන ක්‍රීඩක කණ්ඩායම සහ ඔවුන් සහභාගි වන තරග ඉසව් ය.මෙම ක්‍රීඩක කණ්ඩායම සමඟ පුහුණුකරු ලෙස අනුර බණ්ඩාර සහභාගි වන අතර කළමණාකරු ලෙස සංචාරයට එක් වී තිබෙන්නේ රංජිත් හෙන්නායකයි.
කාන්තා කණ්ඩාම –
නිමාලි ලියනාරච්චි – මීටර් 800
අමාශා ද සිල්වා – මීටර් 100
වත්සලා හපුආරච්චි – මීටර් 100 කඩුලු
මදුශානි හේරත් – තුන් පිම්ම හා දුරපැනීම
පිරිමි කණ්ඩාම –
අයෝමාල් අකලංක – මීටර් 400 කඩුලු
සෆ්රීන් අහමඩ් – තුන් පිම්ම
රුසිරු චතුරංග – මීටර් 800
වික්නරාජ් වොක්සන් – මීටර් 1500/ 5000
