නෙට්බෝල් ලෝක සූරතාවලිය වසර දෙකකට වරක් – පිරිමින්ටත් ලෝක සූරතාවක්

Date:

නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW:

වසර හතරකට වරක් පැවත් වූ ලෝක නෙට්බෝල් සූරතාවලිය ඉදිරියේදී වසර දෙකකට වරක් පැවත්වීමටත්,පිරිමි ලෝක නෙට්බෝල් සූරතාවලියක් පැවත්වීමටත් සිය අවධානය යොමු වී ඇති බව ලෝක නෙට්බෝල් සංගමය අවධාරණය කරනවා.


ලෝක නෙට්බෝල් ප්‍රධාන විධායක නිලධාරී ෆියෝනා හැරල්ඩ් පෙන්වා දෙන පරිදි ඊට ප්‍රධාන වශයෙන්ම මේ වන විට අධික වියදම නිසා දරා ගැනීමට අපහසු තත්ත්වයන් සැළකිල්ලට ගෙන, රටවල් සත්කාරකත්වයට පිවිසීම මඟ හරින තත්ත්වය නිසා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවත්වීම අවිනිශ්චිතව තිබීම බලපා තිබෙනවා.

නෙට්බෝල් ක්‍රීඩාව සම්බන්ධයෙන් ලෝක මට්ටමෙන් ක්‍රීයාත්මක වූ ඉහළ තරගාවලියක් වන පොදු රාජ්‍ය මණ්ඩලිය තරගාවලිය ඊට අහිමි වීම තුළ ක්‍රීඩාවට සිඳුවන හානිය මකා දැමීම මේ දෙවසරකට වරක් ලෝක නෙට්බෝල් තරගාවලිය පැවත්වීමේ අදහස වී තිබෙනවා.
“පසුගිය මාස කිහිපය තුළ පිරිමි නෙට්බෝල් කණ්ඩායම් සමඟ සම්බන්ධ වීමෙන් මම සතුටක් ලැබුවා, ඉදිරි වසර කිහිපය තුළ මංගල පිරිමි නෙට්බෝල් ලෝක කුසලානයක් දැකීමේ ඔවුන්ගේ සිහිනය සැබෑ කර ගැනීමට උපකාර කිරීම සඳහා අපි ඔවුන් සමඟ දිගටම සහයෝගයෙන් කටයුතු කරන්නෙමු.”


ෆියෝනා හැරල්ඩ් පිරිමි නෙට්බෝල් ලෝක කුසලානයක් සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් පවසා තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...

‘බියොන්සේ’ ලොව පස්වන බිලියනපති සංගීතඥයා බවට ෆෝබ්ස් වාර්තා කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඇමරිකානු ගායිකාවක්,...

පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති...